නීතිය වන වේ – වනය එලි වේ

අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි කුඹුක්කන සංරක්ෂිත වනාන්තරයේ අක්කර 200 ක් පමණ නීති විරෝධී ව එළිපෙහෙළි කර බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහ පරිමාණයෙන් වගා බිම් සැකසීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. පුද්ගලයින් තිස් දෙනෙකු පමණ සංරක්ෂිත වනාන්තරයට අනවසරයෙන් ඇතුළු වී වන සංරක්ෂණ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරමින් වගා බිම් සැකසීමේ නිරත වේ. පොතුවිල් මහේස්ත්‍රාත් එම්.… Read More නීතිය වන වේ – වනය එලි වේ

සොරගුණේ නින්දගමට නීතිඥ උපුල්ගෙන් සහ මහාචාර්ය ආශුගෙන් යහපාලන ගේමක්…?

වේලි ඔයේ ජල පෝෂක ප්‍රදේශ විනාශ කර ඉදිකිරීමට යෝජිත වේලි ඔය ගොල්ෆ් ක්‍රීඩා පිටිය හා හෝටල් ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ හා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය යන මහත්වරුන් කටයුතුකරමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ  ව්‍යාපාරය ආනාවරණ කරයි.එම ව්‍යාපාරයේ නියෝජිත පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරන්නේ එම ව්‍යාපෘතියෙන් ගොවි… Read More සොරගුණේ නින්දගමට නීතිඥ උපුල්ගෙන් සහ මහාචාර්ය ආශුගෙන් යහපාලන ගේමක්…?

ජාතිය කුමක් වුවත් පරිසරය වනසන්නේ අවජාතකයින්ය

විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදිංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රීපාල සිරිසේන යහපාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කණගාටුවට කරුණකි. එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම්වලදී මෙරට වනාන්තර 39 ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩකඩ ජාතික භෞතික… Read More ජාතිය කුමක් වුවත් පරිසරය වනසන්නේ අවජාතකයින්ය

කොටිකන් බොක්ක

කොටිකන්බොක්ක වනාන්තරයේ සුදු තිරිවානා ඛනිජය කැණීම සඳහා නීති විරෝධී ලෙස අනුමැතිය ලබාදීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සුදානම් වනවන බව පරිසර සංරක්ෂණ භාරය අනාවරණ කරයි. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ සජ්ජන සිල්වා මහතා එහි මූලිකත්වය ගෙන සිටින බවයි පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා සඳහන් කරන්නේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්… Read More කොටිකන් බොක්ක

දයා පානමට ගේම දෙයි…..?

පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට සූදානම් වේ. ඒ සඳහා පළමු පියවර වශයෙන් අවතැන් වූ ජනතාව අලි මංකඩක පදිංචි කිරීමට අමාත්‍යවරයා විසින් පසුගිය 11 වන දා මුල්ගල… Read More දයා පානමට ගේම දෙයි…..?

මීරිය බැද්දට වසරයි – උමා ඔයට අවසරයි

හල්දමුල්ල මිරියබැද්ද නායයෑමට මෙම මස 2015.10.29 වන දිනට වසරක් ගතවෙි.මළ මිනිසුන් ගැන දැන් ගානක් නැත.ඉතිර උෘවන් මැරුණා සේ සලකා තවමත් අනාථ කදවුරු වල දමා ඇත.නිවාස 75 ලබා දිය යුතුව තිබුනද නිවාස 50 කට අරමුදල් වෙන් කිරීමට මෙි වනවිට පියවර ගෙන තිබෙි. එමෙන්ම මිරිය බැද්ද නායා යෑමට සෘජුව වගකිව යුතු උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට කරගන යාමට… Read More මීරිය බැද්දට වසරයි – උමා ඔයට අවසරයි

උමා ඔය ව්‍යාපෘතියෙන් ඌවට කළ විනාශයට වගකිව යුත්තේ කව්ද?…..

උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වීම හා ළිං සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ උද්ගතවීම සිදු ව තිබේ. මේ සියළු ව්‍යසනයන්ට මහින්ද රාජපක්ෂ… Read More උමා ඔය ව්‍යාපෘතියෙන් ඌවට කළ විනාශයට වගකිව යුත්තේ කව්ද?…..

ඇටිපොළ කන්ද උලා කන උගුඩුවා…

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජෛවවිවිධත්වයෙන් හා ජල විද්‍යාත්මක අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් වන ඇටිපොල කන්දේ බැරැන්ඩිගල ගිරි ශිකරය විනාශ කරමින් සංචාරක කලාපයක් ඉදිකිරීමට හිටපු පරිසර ඇමතිවරයෙකුගේ සම්බන්දීකරණ ලේකම්වරයෙක් කටයුතු කරමින් සිටී. කිසිඳු පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත් නොවී මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ද ව්‍යාපෘති කරුවන්ට අවසර ලබා දීම නිසා මෙම වටිනා සොබා උරුමය… Read More ඇටිපොළ කන්ද උලා කන උගුඩුවා…

මෝස්තර කාරයෝ….

අපි හැමෝටම තියෙනව ජීවත් වීමේ මෝස්තරයක්. එහෙම නැත්නම් විලාසිතාවක්.  එකිනෙකාට අනන්‍ය ජීවත් වීමේ මෝස්තරය හැදෙන්නෙ විවිධ මෝස්තර ගොඩක් එකතු කරගෙන. ඒ අනුව තමයි පුද්ගල අනන්‍යතාවය නිර්මාණය වෙන්නෙ. අතීත කාලෙ නම් බොහෝ වෙලාවට විලාසිතා විදියට සැළකුවෙ භෞතික දේවල් පමණයි. නමුත් පසු නූතන යුගයේදි මේ තත්වය වෙනස් වෙලා තියෙනව. නූතන යුගයට පෙර කාලයේ, විලාසිතා එහෙමත් නැත්නම් මෝස්තර… Read More මෝස්තර කාරයෝ….