සොරගුණේ වනසන කම්බා හොරැ

සොරගුණේ මැදින් කපන පාරබදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි සොරගුණේ වනාන්තරය නසමින් මේ වනවිට රන්වන් ගුහාව දඩයම්පොළ හරහා මහා මර්ගයක් ඉදිකිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මගින් කටයුතු කරමින් සිටින අතර අනවසරයෙන් මීටර් 700 පමණ දිග මාර්ගයක් දඩයම්පොළ සිට වනාන්තරය තුළ හොර රහසේ ඉදිකර ඇත.

මෙම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ මීට වසරකට පමණ පෙර ජනතාවගේ උද්ඝෝෂණ මත යටගිය කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටිය ඉදිකරන බෙරගල ගොල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය සඳහා බව ඉතා පැහැදිලිය. මිනිස් වාසයක් නොමැති මෙම වනය මැද කිසිදු අවසරයකින් තොරව නීති විරෝධීලෙස ඉදිකරන මාර්ගය හා ගොල්ෆ් ව්‍යාපෘතිය වේළි ඔය හා සොරගුණේ ප්‍රදේශවල පරිසරය හා ජන ජීවිතයට අහිත කර ලෙස බලපානු ලබයි.

එමෙන්ම ජනතා උද්ඝෝෂණ හමුවේ යටගිය බෙරගල හිඞ්න් වැලි ගොල්ෆ් ව්‍යාපෘතිය සදහා කාටත් හොර රහසේ මුල් ගල් තැබීම මෙම මාසය අවසන් වන්නට මත්තෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට ලැබී ඇත. මේ වනවිට වාසු රාසයියා ඇතුළු කණ්ඩායම උත්සාහ දරමින් සිටින්නේ එයට අත් උදව් දෙන හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ හා විදේශීය නියෝජිතයින් කිහිපදෙනෙකුගේ මැදිහත් වීමෙන් ව්‍යපෘතිය සදහා මුල්ගල් තැබීමටය.

ප්‍රධාන වශයෙන් වේළිඔය ව්‍යාපෘතිය පෝෂණය කරන කාල්කන්ඔය, දෙමටආර, වේළි ඔය, පතහඔය යන ප්‍රධාන ජල මාර්ගවල පෝෂක ප්‍රදේශ වන සොරගුණේ වනාන්තරය තුල අක්කර හයසිය විසි අටක කැලෑ ඉඩම් එළිපෙහෙලි කර හෝටල් ව්‍යාපාරයකට හා ගෝල්ෆ් පිටියකට පවරා දීමේ කටයුතු මේ වනවිට සිදුකර හමාරය. එලෙස පවරාදුන් ඉඩමි භාවිතයට ගනිමින් දැනට මාර්ග දෙකක් ඉදි වෙමින් පවතී.

මෙම අක්කර 628ක ඉඩම පවරා දී ඇත්තේ රුපියල් මිලියන හයක් පමණ මුදලකටය. රජයෙන් රුපියල් මිලියන 850ක් පමණ වැයකොට ගොඩනගන ලද වේළි ඔය අමුණ ව්‍යාපාරයද මෙලෙස සිදුකරන වන විනාසය නිසා අසාර්ථක වනු ඇත. වේළි ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගොවි පවුල් දහස් ගණනාවක් ජීවිතය සරි කරගන්නා අතර, පානීය ජලය ආදී තම එදිනෙදා සියලූ ජල අවශ්‍යතා ද සපුරා ගනුයේ මෙමගිනි. වේළිඔය ව්‍යාපාරය සඳහා ප්‍රධාන වශයෙන් ජලය ලැබෙන සොරගුණේ වනාන්තර ඉඩම් තුළ අරළු, බුළු, නෙල්ලි, ගම්මාළු, කහට වැනි ඉතා වටිනා ශාකද, ඌවමැන්ඩොරා නැමති මෙම ප්‍රදේශයට පමණක් සීමා වූ ඉතා දුර්ලබ ශාක විශේෂ ද දැක ගත හැකි අතර, මෙම පරිසර පද්ධතිය ප්‍රදේශයේ ජල උල්පත් ආරක්‍ෂා කරන එකම වනාන්තර ප්‍රදේශයයි.  දැනටඉදිවෙමින් පවතින අනවසර මාර්ගයත්, මාර්ගය තැනීමෙන් අනතුරුව ඉදිවීමට නියමිත හෝටල්සංකීරණය හා ගොල්ෆ් ව්‍යාපෘතියත් හේතුවෙන් අපූර්ව වූ ජෛව විවිධත්වයත් ජල පෝෂිත ප්‍රදේශත් විනාශ වී යනු ඇත.
එයට අමතරව උඩවලව බෝගහපට්ටිය යා කරන සම්ප්‍රදායික අලි මංකඩ වැටී ඇත්තේද මෙමසොරගුණේ වනාන්තරය තුලින්ය. ජෛව විද්‍යාත්මකව ඉහළ වටිනාකමක් ඇති සොරගුණේ වනාන්තරය කපා හෝටල් සහ ගෝල්ෆ් ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සඳහා 2011-04-11 දින ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ අධ්‍යක්‍ෂවරයෙකු විසින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා වෙත ලිපියක් යොමු කරමින් අවසරය ඉල්ලා ඇත. සොරගුණේ වනාන්තරය සතු ඉඩම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා සොරගුණේ දේවාල සතුරාජකාරි ඉඩම් ලෙස දැනට පවතින අතර එය වේළිඔය ව්‍යාපාරයේ ප්‍රධාන ජල පෝෂිත ප්‍රදේශයද වේ.
1931 අංක දහනවය දරණ විහාර දේවාල ගම් ආඥාපනතට අනුව විහාරය හෝ දේවාලය සතුව ඇතිරාජකාරි ඉඩම් වලින් එම පුජනීය ස්ථාන වලට නිල පංගුව ඉටු නොවන්නේ නම් පමණක් එම ඉඩම්වෙනත් අයවළුනට පවරා දිය හැකි නමුදු. වැසියන් විසින් දේවාලය සතු අනුනවයක් වු රාජකාරිඉටුකරමින් සිටිය දීත්, සිය මඩිය තරකරගැනීම උදෙසා පරම්පරා උරුමයන් නසමින් සොරගුණේ කුඩාකතරගම දේවාලය සතු වනාන්තර ඉඩම් බෙරගල ගොල්ෆ් රිසෝට් නැමති හෝටල් ව්‍යාපෘතිය හා ගෝල්ෆ් පිටි ඉදිකිරීම සඳහා  අංක 65,  ධර්මපාල මාවත, කොළඹ 07 යන ලිපිනයේ ඇති ඇල්ෆා ඇන්ඞ් ඔමෙගා ප්‍රයිවට් ලිමිටඞ් ආයතනය වෙත මෙම අවසරය ලැබෙන්නේ වාසු රාසයියා නැමැතිඇමරිකාවේ පදිංචි පුද්ගලයාගේ හෝටල් දොළ දුක නිවීම සඳහාය.

සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ජනක රවින්ද්‍ර කළුපහන විසින් දේවාලයේනිළ රාජකාරි ඉටුකරමින් සිටින වැසියන් පාරට ඇද දමා ඇත. දැනට ඉදිවෙමින් පවතින මාර්ගය හා ගොල්ෆ් රිසොට් හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරිමට යාමෙන් පරිසරයට හා වේළිඔය ව්‍යාපෘතියට සිදුවන දැවැන්ත පරිසර හානිය පිළිබඳ ඌව පළාත් සභා මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ වෙත 2011-07-04 දින කොටවෙහෙරමංකඩ, කණ්ඩියපිට, අළුත්වැව, හම්බෙගමුව යන ග්‍රාමසේවා වසම්වලට අයත් ගම්මාන 35ක පමණ ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරිමේ අවශ්‍යතා පැහැදිලි කරමින් වේළි ඔය ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් ලිපියක් භාර දී ඇත. පසුව එම ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම් වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම කාරණය පිළිබදව දැනුම් දී වේළි ඔය ජල පෝෂක ප්‍රදේශය ආරක්ෂාකර හෝටල් හා ගොල්ෆ් ක්‍රීඩාංගනය ඉදිකිරිම වලක්වාලන ලෙස ඉල්ලා සිටියද මෙය වලක්වාලීම උදේසා කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැත. 

මූලාශ්‍රය- රවීන්ද්‍ර කාරියවසම්

E mail     – raveendra
Mobile      – 0718368642

3 thoughts on “සොරගුණේ වනසන කම්බා හොරැ

ප්‍රතිචාරයක් ලබාදෙන්න